
සහෝදරත්වයේ සහ සංස්කෘතියේ අසිරිමත් සැමරුම! ![]()
![]()
Aotearoa ඓතිහාසික “වයිටංගි දින” සැමරුම් මෙවරත් ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. සාමය, එකමුතුකම සහ ගෞරවය පෙරදැරි කරගත් මෙවර තේමාව වූයේ “Mō tātou, mā tātou” (අප සැම වෙනුවෙන්, අප සැමගෙන්) යන්නයි. ![]()
මෙන්න මෙවර උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක්.
වැක (Waka) පෙළහැර.
හිරු උදාවත් සමඟ ‘තී තී’ (Te Tii) වෙරළ තීරයට සේන්දු වූ දැවැන්ත වක යාත්‍රා පෙළහැර නෙතට මනරම් දසුනක් වුණා. පවුරු පදනම් බිඳ දමමින් පැමිණි 700කට අධික හබල්කරුවන්ගේ ජවය මුළු වෙරළ තීරයම එකලු කළා!
කපා හකා (Kapa Haka).
මාඕරි සංස්කෘතියේ අභිමානය විදහා දක්වන සාම්ප්‍රදායික නර්තන සහ ගායනා මැදින් දහස් සංඛ්‍යාත ජනතාවක් උත්සව සිරිය අත්විඳින අයුරු දක්නට ලැබුණා.
වයිටංගි පාලම.
සංස්කෘතික වැඩසටහන් අතරතුර, තරුණ පිරිස වයිතංගි පාලම මත සිට දියට පැන (Manu dive) විනෝද වෙමින් උත්සවයට අමුතුම ජීවයක් එක් කළා.
නවසීලන්ත වැසියන් පමණක් නොව, ඕස්ට්‍රේලියාවේ ආදිවාසී කණ්ඩායම් පවා මෙවර සහෝදරත්වයේ දෑත් දිගු කරමින් මෙම සැමරුමට එක්වීම විශේෂත්වයක්!
”අනාගතය කියන්නේ අපි හැමෝම එකතු වෙලා ගොඩනගන දෙයක්. එහිදී සැමගේ අනන්‍යතාවයට ගරු කිරීම අපේ වගකීමයි.” ![]()
මෙවර උත්සවයේ අසිරිය පහත පින්තූරවලින් නරඹන්න…











0 Comments