
සෑම වසරකම ශ්‍රී ලංකාරාමයේ පවත්වන සිංහල අවුරුදු උළෙල කියන්නේ හුදෙක් සෙල්ලම් සහ විනෝදය විතරක්ම නෙමෙයි. එහි පිටුපස ඇති සැබෑ අරමුණ ඔබ දන්නවාද?
මෙවරත් වෙනදාටත් වඩා උත්කර්ෂවත් ලෙස…
එළඹෙන අප්‍රේල් 12 වනදා මුළු ඕක්ලන්ඩ් නගරයම ලාංකීය සුවඳින් සරසන්නට සියලු කටයුතු සූදානම්!
සාම්ප්‍රදායික ජන ක්‍රීඩා
විනෝදජනක කෙළි සෙල්ලම්
මනරම් සංගීත වැඩසටහන්
රසවත් ආහාර සල්පිල
ඇයි අපි “ආහාර සල්පිලක්” පවත්වන්නේ?
නවසීලන්තය වැනි රටක විහාරස්ථානයක් නඩත්තු කිරීම සහ දියුණු කිරීම අභියෝගාත්මක කටයුත්තක්.
දිනෙන් දින දියුණු වන අපේ ලංකාරාමයේ වාර්ෂික වියදම් පියවා ගැනීමටත්, විහාරස්ථානයේ අභිවෘද්ධියටත් මෙම ආහාර සල්පිලෙන් ලැබෙන ආදායම විශාල ශක්තියක් වෙනවා.
ඔබ එදිනට මිලදී ගන්නා සෑම ආහාර වේලක්ම, ඔබ ලබාදෙන සෑම දායකත්වයක්ම සෘජුවම යොමු වන්නේ අපේම විහාරස්ථානයේ උන්නතිය සඳහායි. ![]()
![]()
මේ මහා පුණ්‍යකර්මය සාර්ථක කරගන්නට මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් සහ බෞද්ධ භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් අපේම ස්වේච්ඡා කණ්ඩායම් දැනටමත් සූදානම් වී අවසන්!
අප්‍රේල් 12 දා ඔබේ පවුලේ සැම, මිතුරන් සමඟ එන්න. රසවත් ලාංකීය කෑම වේලක රස බලන ගමන්, අපේ ලංකාරාමයේ ඉදිරි ගමනටත් ශක්තියක් වෙන්න.
දිනය: අප්‍රේල් 12 වනදා
ස්ථානය: ශ්‍රී ලංකාරාමය, ඕක්ලන්ඩ්.







0 Comments