← BACKEconomy

ලෝක ආර්ථික වර්ධනය 0.5% කින් අඩුවන ලකුණු.නවසීලන්තයටත් විශාල බලපෑම්.

BY Dhanush•PUBLISHED MARCH 12, 2026•1 MIN READ•0 COMMENTS

මැදපෙරදිග කලාපයේ යුධ තත්ත්වය උත්සන්න වීමත් සමඟ New Zealand ඇතුළු බොහෝ රටවල් ආර්ථිකය පීඩනයකට මුහුණ දෙමින් සිටින බව ආර්ථික විශේෂඥයන් පවසයි.

විශේෂයෙන් Iran, Israel සහ United States අතර පවතින ගැටුම හේතුවෙන් ලෝක බලශක්ති මිල ඉහළ යාම නවසීලන්ත ආර්ථිකයටද සෘජු බලපෑම් එල්ල කර ඇත.

💸Economy week – (නවසීලන්ත ASB වාර්තාවට අනුව)

⛽ තෙල් මිල ඉහළ යාමෙන් ජනතාවට දැඩි බලපෑම්.

👉🏻යුද්ධ තත්ත්වය හේතුවෙන් ලෝකයේ තෙල් සහ ගෑස් මිල වේගයෙන් ඉහළ ගොස් තිබේ.

👉🏻ලෝක තෙල් බැරලයක මිළ ඩොලර් 90ට වැඩි මට්ටමකට ඉහළ ගොස් ඇත.

👉🏻 යුද්ධයට පෙර තිබූ මිලට වඩා 30% කට වඩා වැඩි වීමක් වාර්තා වී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් නවසීලන්තයේ ඉන්ධන මිල ද ඉහළ යාම ආරම්භ වී ඇති අතර සමහර ස්ථානවල ජනතාව ඉන්ධන පුරවා ගැනීමට දිගු පෝලිම්වල සිටි බවද වාර්තා වේ.

📈 ආහාර සහ ප්‍රවාහන වියදම් ඉහළ යාමේ අවදානමක්.

👉🏻තෙල් මිල වැඩි වීම නවසීලන්තයේ දෛනික ජීවිතයට සෘජුවම බලපාන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

👉🏻ප්‍රවාහන වියදම් ඉහළ යා හැක.

👉🏻ආහාර මිල වැඩි විය හැක.

👉🏻කර්මාන්ත නිෂ්පාදන වියදම් ද වැඩි විය හැක.

👉🏻මෙම සියල්ල එක්ව ඉදිරියේදී උද්ධමනය (Inflation) වැඩි වීමට හේතුවක් විය හැකි බව අනාවරණය වේ.

📊 නවසීලන්ත ආර්ථිකය තවමත් වර්ධනය වෙමින් පවතියි.

👉🏻අභියෝග තිබුණත් නවසීලන්ත ආර්ථිකය සම්පූර්ණයෙන්ම පහත වැටී නොමැති බව විශේෂඥයන් පවසයි.

2025 වසරේ තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනය 1.1%ක් ලෙස වාර්තා වී ඇත.

2025 අවසාන කාර්තුවේද ආර්ථිකය සෙමින් වුවද වර්ධනය වනු ඇතැයි අනාවැකි පළ කර තිබුණි.

එහෙත් ගෝලීය අර්බුද දිගටම පැවතිහොත් එම වර්ධනය අපේක්ෂා කළ තරම් වේගයෙන් සිදු නොවිය හැකි බවද සඳහන් වේ.

🏗️ ඉදිකිරීම් ක්ෂේත්‍රයට පසුබෑමක්

👉🏻පසුගිය කාර්තුවේ නවසීලන්තයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධ දත්ත ද ප්‍රබල නොවූ බව සඳහන් වේ.

ඉදිකිරීම් කාර්යයන් 3.1%කින් අඩුවී තිබේ.

ව්‍යාපාරික ගොඩනැගිලි ඉදිකිරීම් 6.5%කින් පහත වැටී ඇත.

මෙම තත්ත්වය ආර්ථික වර්ධනයට සුළු පසුබෑමක් ඇති කර තිබේ.

🌏 ලෝක ආර්ථිකයටද බලපෑම්

ආර්ථික විශේෂඥයන් පවසන්නේ මෙම යුද්ධය දිගටම පැවතියහොත් ලෝක ආර්ථික වර්ධනය 0.5%කින් පවා අඩු විය හැකි බවයි.

නවසීලන්තය වැනි අපනයන මත රඳා පවතින රටකට එය විශාල බලපෑමක් ඇති කළ හැකි බවට අනතුරු ඇඟවෙයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *