
Pasifika Festival – Boat Fest – Kumeu Show උත්සව සියල්ල එකම සති අන්තයක!
මෙම සති අන්තයේ Auckland නගරයේ විශාල උත්සව 3ක් පැවැත්වෙන නිසා, නගරය සම්පූර්ණයෙන්ම උත්සවශ්‍රීයෙන් පිරී තිබේ. ඔබේ පවුල සමඟ, යාළුවන් සමඟ එහෙමත් නැත්නම් නවසීලන්තයට පැමිණෙන සංචාරකයින්ට විනෝද වෙන්න මෙය කදිම අවස්ථාවකි.
Pasifika Festival 2026 – පැසිෆික් සංස්කෘතික මහෝත්සවය.
ස්ථානය: Western Springs Park, Auckland
දිනය: මාර්තු 14 – 15
Pasifika Festival යනු Auckland නගරයේ පැවැත්වෙන වඩාත් විශාල Pacific සංස්කෘතික උත්සවයයි.
මෙහිදී ඔබට දැකගන්න පුළුවන්:
• Pacific රටවල් වල නර්තන
• සංගීත ප්‍රදර්ශන
• රසවත් ආහාර කඩ
• සම්ප්‍රදායික ඇඳුම් හා කලාව.
මෙම උත්සවයට සෑම වසරකම දහස් ගණන් ජනතාව සහභාගී වේ.
Boat Fest – Wooden Boat Festival
ස්ථානය: Viaduct Harbour, Auckland
මේ සති අන්තයේ
Auckland Wooden Boat Festival යනු මුහුදු යාත්‍රා සහ පැරණි ලී බෝට්ටු ප්‍රදර්ශනය කරන විශේෂ උත්සවයක්.
මෙහි විශේෂතා:
• පැරණි ලී බෝට්ටු 200කට ආසන්න ප්‍රමාණයක්
• Live boat building demonstrations
• සංගීත සහ විනෝදාස්වාද වැඩසටහන්
• පවුල් සඳහා ක්‍රීඩා සහ ක්‍රියාකාරකම්.
මෙය මුහුදු සංස්කෘතියට ආදරය කරන අයට විශේෂ උත්සවයක්.
Kumeu Show – පවුල් සහ ගම්මාන ආශ්‍රිත උත්සවය.
ස්ථානය: Kumeu Showgrounds, Auckland
මේ සති අන්තයේ
Kumeu Show යනු අවුරුදු 100කට වැඩි ඉතිහාසයක් ඇති ප්‍රසිද්ධ ගම්මාන ආශ්‍රිත උත්සවයක්.
මෙහිදී පැවැත්වෙන්නේ:
• ගොවිපළ සතුන්ගේ තරඟ
• අශ්ව තරඟ
• wood chopping show
• fun rides
• live music
• food stalls
ඔබේ පවුල සමඟ විනෝදවන්න ඉතා සුදුසු උත්සවයක් ලෙස මෙය සැලකෙයි.
මේ සතිඅන්තය ඕක්ලන්ඩ් නගරයට විශේෂයි. හරිම විනෝදජනකයි. දැනුම සහ විනෝදය පවුල එක්ක බෙදාගන්න නවසීලන්තයේ ඕක්ලන්ඩ් ඉන්න ඔයාලා හැමෝමත් එකතුවෙන්න. අමතක නොකර ඔබ ගන්නා ලස්සන ඡායාරූප පහළින් කමෙන්ට් කරන්න.

0 Comments