← BACKCulture

මවුරී ටැටූ කලාව (Tā Moko)සම මත ලියන ජීවිත කතාව…

BY Dhanush•PUBLISHED MARCH 27, 2026•1 MIN READ•0 COMMENTS

මවුරී ජනතාවට (නවසීලන්තයේ මූලික ජනතාව) ටැටූ කියන්නේ ශරීරයේ කොටන සරල චිත්‍රයක් නොවෙයි. එය “Tā Moko” නමින් හඳුන්වන, ආත්මීය අර්ථයෙන් පිරුණු සංස්කෘතික සම්ප්‍රදායක්.
ඔවුන්ට අනුව ටැටූ එකක් කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිත කතාව, පවුල් පසුබිම, සමාජ තත්ත්වය සහ අනන්‍යතාවය පෙන්වන ජීවමාන සටහනක්.

🔶 මවුරි ටැටූ කලාවේ ඉතිහාසය…

Tā Moko කලාව මාවෝරි පුරාණ පුරාවෘත්තයන්ට සම්බන්ධයි. කතා වලට අනුව, Mataora නම් පුද්ගලයෙක් පාරලෝකයෙන් (underworld) මේ කලාව ඉගෙනගෙන මනුෂ්‍ය ලෝකයට ගෙනාවා කියලා ඔවුන් විශ්වාස කරනවා.

Tā Moko වසර සිය ගණනකට පෙර සිට පවතින කලාවක්. පොලිනීසියානු ටැටූ සම්ප්‍රදායෙන් ආරම්භ වූ ටැටූ කලාව
මාවෝරි ජනතාව තමන්ටම විශේෂ ශෛලියකට පසුකාලීනව වර්ධනය කරගත්තා. නමුත් මෙය මුල් කාලයේ භාවිතා කළේ සමාජයේ උසස් පුද්ගලයන්ට පමණයි.

🔷සමෙහි කොටන ලද ජීවිත කතාවක්…

Tā Moko ටැටූ එකක් සරල රූපයක් පමණක් නෙවෙයි. ඒක හරියට භාෂාවක් වගේ. සෑම රේඛාවකටම, හැඩයකටම වෙන්වුනු අර්ථයක් තියෙනවා.

🌿 ප්‍රධාන අර්ථයන්:
👉🏻Whakapapa (වංශය): පවුල සහ පරම්පරාව පෙන්වයි.
👉🏻සමාජ තත්ත්වය: නායකත්වය සහ ගෞරවය දැක්වෙයි.
👉🏻පුද්ගල ජීවිතය: ජයග්‍රහණ, අත්දැකීම් සහ ජීවිත ගමන කියාපායි.
👉🏻වගකීම්: සමාජයේ භූමිකාව මතක් කර දෙයි.

🎨 ජනප්‍රිය ලකුණු:
👉🏻Koru (වටකුරු හැඩය): නව ජීවිතය, වර්ධනය
👉🏻Manawa (රේඛා): ජීවිතයේ ගමන, හදවතේ ශක්තිය.
👉🏻මුහුණු කොටස්: වම් පැත්ත – පියාගේ වංශය / දකුණු පැත්ත – මවගේ වංශය.

👉 වැදගත්ම දෙය නම් කවදාවත් Tā Moko එකක් තව එකකට සමාන වෙන්නෙ නැහැ. එහි හැමෝටම වෙනස් වූ අනන්‍යතාවක් තියනවා.

🔶 සම්ප්‍රදායික ක්‍රියාවලිය වූයේ වේදනාව සහ ආත්මීයත්වය ප්‍රකාශකිරීමයි…..

පුරාණ කාලයේ Tā Moko ටැටූ එකක් කරන එක ලොකු අත්දැකීමක් වුනා.

⚒️ එකල ක්‍රමය වූයේ….
👉🏻Uhi කියන ඇට හෝ ගල් වලින් කඩුවක් වගේ උපකරණ භාවිතා කළා.
👉🏻සරලව සිදුරු කිරීමක් නෙවෙයි.බ්සම කපල වර්ණ ගන්වනවා වගේ වැඩක්.
👉🏻ඔවුන් මේ සදහා භාවිතා කළේ ස්වභාවික වර්ණ (ගස් වල මල්, පොතු, කොළ වගේ දේවල්)
👉🏻දින කිහිපයකට හෝ සති ගණනකට පියවරෙන් පියවර සිදු කළ ක්‍රියාවලියක්.

👉 තවද මේ ක්‍රියාවලියට ආගමික හා සංස්කෘතික නීතිත් තිබුණා.

🔷 ස්ත්‍රී හා පුරුෂ වශයෙන් ටැටූ වල තිබූ වෙනස්කම්….

👉🏻පුරුෂයන්: මුහුණ පුරා moko (Moko kanohi) – බලය, වීරත්වය සටහන් කළා.
👉🏻කාන්තාවන්: තොල් සහ මුඛය (Moko kauae) – ගෞරවය, නායකත්වය සටහන් කළා.

👉 මාවෝරි සංස්කෘතියේදී මුහුණ වඩාත් පූජනීය කොටසක් ලෙස ඔවුන් සලකනවා.

🔶 ටැටූ කලාවේ නැවත පිබිදීම…

යුරෝපීය ජනපදකරණයෙන් පසු Tā Moko ක්‍රමය තරමක් පහළ ගියා.

👉🏻සංස්කෘතික තදබදය නිසා භාවිතය අඩු වුණා.
👉🏻සමාජ මතයන් වෙනස් වුණා.

📈 නමුත් නව යුගයේදී නැවතත් කලාව එළියට ආවා…
👉🏻1970 දශකයෙන් පසු නැවත මවුරි ටැටූ කලාව ප්‍රබල වුණා.
👉🏻අද එය ඔවුන්ගේ අනන්‍යතාවය සහ ගෞරවය පෙන්වන සංකේතයක් වෙලා.
👉🏻 නව යන්ත්‍ර භාවිතා කලත් සම්ප්‍රදායත් තවමත් රැකගෙන යනවා

🔷 නව අදහස් සහ ගෞරවය….

අද Tā Moko කලාවට විශේෂ වැදගත්කමක් හිමිවෙලා තියෙනවා.

👉🏻Tā Moko: මාවෝරි ජනතාවට පමණක් ආවේණිකයි.
ඔවුන්ගේ වංශය හා අනන්‍යතාවය වෙනුවෙන් අදටත් ඔවුන් එය භාවිතා කරනවා.
👉🏻Kirituhi: මවුරී ශෛලියෙන් යුතු අනෙක් අයටත් භාවිතා කළ හැකි සංස්කෘතියක්. මෙය අද ලෝකයේ බොහෝ රටවල ප්‍රසිද්ධ වෙලා තියනවා.

👉 අදත් නවසීලන්තයේ මුල් ජනතාවට Tā Moko කියන්නේ “සම මත ලියන ජීවිත කතාවක්” 🌿

ඔබත් මවුරී ටැටූ කලාවට ආදරේ කරන කෙනෙක්ද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *