← BACKEconomy

හෝර්මුස් සමුද්‍ර සන්දිය ගැන පැවැත්වෙන ලෝක සාකච්ඡාවට නවසීලන්තයත් එක්වෙයි.

BY DhanushPUBLISHED APRIL 2, 20261 MIN READ0 COMMENTS

ලෝකයේ අතිශය වැදගත් වෙළඳ මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්දිය නැවත විවෘත කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳව පැවැත්වෙන ජාත්‍යන්තර සාකච්ඡාවකට නවසීලන්තයත් එක්වීමට තීරණය කර ඇත. මෙම සාකච්ඡාවට රටවල් 34ක් සහභාගී වන අතර එහි නායකත්වය දරන්නේ බ්‍රිතාන්‍යයයි.

විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සඳහන් කළේ, මෙම සහභාගීත්වය නවසීලන්තයේ දිගුකාලීන ප්‍රතිපත්තියක් වන නාවික ගමනාගමනයේ නිදහස සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට සහාය වීම සමඟ සම්බන්ධ වන බවයි. ඔහු තවදුරටත් පැවසුවේ, මෙම සාකච්ඡාවලදී යුධමය ක්‍රියාමාර්ගවලට වඩා රාජ්‍යතාන්ත්‍රික හා දේශපාලන විසඳුම් සොයා බැලීමට අවධානය යොමු කරන බවයි.

මෙම හමුව නවසීලන්ත වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන බැවින් සහ අමාත්‍යවරයාගේ ගමන් සැලසුම් හේතුවෙන්, ලන්ඩනයේ නවසීලන්ත මහ කොමසාරිස් හැමිෂ් කූපර් රට වෙනුවෙන් සහභාගී වීමට නියමිතයි.

විශේෂයෙන්, මෙම සාකච්ඡාවට ඇමරිකා එක්සත් ජනපදය සහභාගී නොවන බව වාර්තා වේ. කෙසේවෙතත් මීට පෙරදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම මිතුරු රටවල් වලට හෝර්මුස් අත්පත් කරගැනීමට සහය වන ලෙසට ලෙස දැඩි අදහස් ප්‍රකාශ කර තිබුණි.

දැනට උත්ගත වී ඇති තත්ත්වය මගින් ලෝක වෙළඳාම සහ බලශක්ති ආරක්ෂාව සම්බන්ධයෙන් පැනනැගුනු ගටළු සදහා විසදුම් සෙවීමට, මෙම සාකච්ඡාව ඉතා වැදගත් බව පැහැදිලියි. නවසීලන්තය වැනි දුරස්ථ රටවල් පවා මෙවැනි ජාත්‍යන්තර කටයුතු වලදී සක්‍රීයව දායක වීම ලෝක සුරක්ෂිතභාවයට ඉතා වැදගත් වෙයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *