← BACKEconomy

නවසීලන්තයේ ආගමන ගිණුම ඩොලර් මිලියන 150ක් ඍණ !

BY DhanushPUBLISHED MARCH 4, 20261 MIN READ0 COMMENTS

වීසා සංඛ්‍යාව අතිශය ලෙස ඇස්තමේන්තු කළාද?

නවසීලන්තයේ ආගමන පද්ධතියට සම්බන්ධ වූ විශාල මූල්‍ය ගැටළුවක් පිළිබඳව නවතම වාර්තාවක් හෙළිව තිබෙනවා.

Immigration New Zealand (INZ) හි ආගමන ගිණුම මේ වනවිට නවසීලන්ත ඩොලර් මිලියන 150කට අධික ඍණ (deficit) අගයක පවතින බව පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ හෙළිවුණා.

මෙම තොරතුරු මුලින්ම වාර්තා කර තිබුණේ RNZ විසිනි.

💰 මෙසේ ඍණ වීමට හේතුව මොකක්ද?

1️⃣ වීසා සංඛ්‍යාව වැරදි ලෙස ඇස්තමේන්තු කිරීමක්ද?

INZ විසින් බලාපොරොත්තු වූයේ වැඩි පිරිසක්, විශේෂයෙන් Accredited Employer Work Visa සඳහා අයදුම් කරනු ඇති බවයි.

නමුත්:

• ආර්ථික මන්දගාමී තත්ත්වය හේතුවෙන් සහ

• රැකියා අවස්ථා අඩුවීම නිසා

අපේක්ෂිත වීසා අයදුම් සංඛ්‍යාව නොලැබුණා.

➡️ එමනිසා එයින් ලැබිය යුතු ආදායම අඩු වුණා.

2️⃣ 2024දී වීසා ගාස්තු වැඩි කළානෙ?

2024දී වීසා ගාස්තු ඉහළ දැමුවත්,

එම ආදායම වියදම් ආවරණය කිරීමට ප්‍රමාණවත් නොවුණා.

3️⃣ 91%ක්ම “User Pays” පද්ධතියක් නේද?

INZ හි මුළු අයවැයෙන් 91%ක්ම වීසා ගාස්තු මගින් ලැබෙන මුදල්.

👉 එනම්, බොහෝ වියදම් ගෙවන්නේ වීසා අයදුම්කරුවන්ගේ මුදලින්.

👉 රජයෙන් ලැබෙන සෘජු අරමුදල් ප්‍රමාණය අඩුයි.

4️⃣ විශාල IT ව්‍යාපෘතියක් ක්‍රියාත්මකද?

INZ විසින් නව තාක්ෂණික පද්ධතියක් සඳහා ඩොලර් මිලියන 336ක් වියදම් කරමින් සිටිනවා (වසර 8ක කාලයක් සඳහා).

➡️ මෙය දීර්ඝකාලීන ආයෝජනයක් වුවත්,

➡️ කාලීනව මුදල් පීඩනයක් ඇති කර තිබෙනවා.

5️⃣ සේවකයන් 100කට වැඩි පිරිසක් ඉවත් කිරීම.

වියදම් අඩු කිරීමට:

• සේවකයන් 100කට වැඩි පිරිසකගේ රැකියා අහිමි වුණා

• සමහර නිලධාරීන් වීසා සකස් කිරීමෙන් ඉවත් කර නීති උල්ලංඝනය කිරීම් පරීක්ෂා කිරීමට යොමු කළා

⚖️ විදේශීය කම්කරුවන්ට නව පීඩනයක් එල්ල වෙයිද?

INZ දැනට විදේශීය සේවකයින්ට සිදුවන අපයෝජන (exploitation) පිළිබඳ දැඩි පියවර ගනිමින් සිටිනවා.

• නඩු 49ක් අධිකරණයේ

• 2,000කට අධික ව්‍යාපාර වල accreditation අත්හිටුවා හෝ අවලංගු කරලා

👉 නව නීති, පද්ධතියට හඳුන්වාදීමටත් සැලසුම් කරමින් සිටිනවා.

📌 මෙය අපට වැදගත් ඇයි?

🔴 වීසා ගාස්තු තවත් ඉහළ යා හැකිය

🔴 වීසා සදහා ප්‍රතිචාර දක්වන කාලය වෙනස් විය හැකිය

🔴 නීති තවත් දැඩි විය හැකිය

🔴 රැකියා වීසා ලබාගැනීම අනාගතයේ අභියෝගාත්මක විය හැකිය

නවසීලන්තයට මොකද වෙන්නෙ? නව නීතී සම්පාදනය වගේම කඩිනම් හා දැඩි ක්‍රියාමාර්ග නොගත්තොත් ඉදිරි කාළය වඩාත් අදුරු විය හැකියි නේද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *