
නවසීලන්ත රජය විසින් ඉමීග්‍රේෂන් පද්ධතිය තවත් දැඩි කිරීමට නව නීති යෝජනා කර තිබේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ අපරාධ, වංචා සහ පද්ධතියේ අයුතු භාවිතය අඩු කිරීමයි.
🔍 නව නීති ගෙන එන හේතුව
අද වන විට රජය සඳහන් කරන්නේ:
👉🏻සමහර විදේශිකයින් විසින් ගංජා, ලිංගික අපරාධ, ඝාතන වැනි බරපතල අපරාධ සිදු කිරීම
👉🏻විදේශීය සේවකයන්ට අසාධාරණ ලෙස සැලකීම
👉🏻සරණාගත (refugee) ඉල්ලීම් වැඩිවීම
💁🏻♂️ මේ හේතු නිසා නව නීති හරහා රටේ ආරක්ෂාව වැඩි කිරීම ඔවුන්ගේ අරමුණ බවයි.
⚖️ ප්‍රධාන නීති වෙනස්කම්
🚨 1. අපරාධකරුවන්ට දැඩි දඩුවම් (Deportation Rules)
පෙර: වසර 10ක් තුළ අපරාධ කළහොත් පිටුවහල් කළ හැක
දැන්: එය වසර 20ක් දක්වා දිගු කරයි
👉 එයින් අදහස් වන්නේ, දිගු කාලයක් රටේ සිටින අයත් අපරාධ කළහොත් පිටුවහල් වීමට ඉඩ කඩ ඇති බවයි.
⛓️ 2. සේවකයන්ට අසාධාරණය ලෙස සලකන අයට දැඩි දඩුවම්.
පෙර උපරිම සිර දඩුවම: වසර 7
නව යෝජනාව: වසර 10
👉 මෙය විදේශීය සේවකයන්ට හිරිහැර කරන, අඩු වැටුප් ලබාදෙන අයට එරෙහිව දැඩි පියවරක්.
🕵️ 3. වංචාවන්ට එරෙහි බලය වැඩි කිරීම.
වීසා අයදුම්පත් වල අසත්‍ය තොරතුරු සදහන් කළ අය හඳුනාගැනීමට රජයට තවත් බලතල ලබාදීම.
👉 මෙය නීති පද්ධතිය දුර්වල කිරීමට උත්සාහ කරන අය වැළැක්වීමක්.
🧾 4. සරණාගත (Refugee) නීති දැඩි කිරීම.
දැන් සිට රට ඇතුළත සිදු කරන අපරාධත් සැලකිල්ලට ගනී.
පෙරදී ඒවා හැමවිටම සලකා බැලුවේ නැත.
📌 රජය අනාවරණය කළේ:
14 දෙනෙකු බරපතල අපරාධ (ඝාතන, ලිංගික අපරාධ, මත්ද්‍රව්‍ය) සදහා වරදකරුවන් වූ බවයි.
👉 ඒ නිසා සත්‍යවශයෙන්ම සරණාගතයින්ට පමණක් මෙම අවස්ථාව ලබාදීමට මෙය උපකාරී වේ.
🏛️ නීතිය ක්‍රියාත්මක වෙයිද?
රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන නිසා මෙම නීති ඉක්මනින්ම අනුමත වීමට බොහෝ විට ඉඩ ඇත.
🌍 ලෝක ප්‍රවණතාවක්….
මෙය නවසීලන්තයට පමණක් සීමා නොවී අදවන විට ලෝකයේ බොහෝ රටවල් ඉමීග්‍රේෂන් නීති දැඩි කරමින් රටේ ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙමින් සිටිති.
👉 අවසානයේ අරමුණ “නීතිගරුක විදේශිකයින්ට ආරක්ෂිත සහ සාධාරණ පද්ධතියක්” ගොඩනැගීමයි.

0 Comments