← BACKCulture

නවසීලන්ත වැසියන්ගෙන් අඩකටම තමන්ගේ රටේ නගරවල නම් ලියාගන්න බැරිලු!

BY DhanushPUBLISHED AUGUST 11, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ පිහිටි ඇතැම් ප්‍රසිද්ධ නගර සහ ස්ථානවල නම් නිවැරදිව අක්ෂර වින්‍යාසය කිරීමට (spell) එම රටේ ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසකට නොහැකි බව නවතම රට පුරා සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. ස්දේශීය මවුරි (Māori) භාෂාවෙන් තබා ඇති මෙම ස්ථාන නාමවල ඇති සංකීර්ණ වචන මෙන්ම ද්විත්ව ව්‍යාංජන අක්ෂර රටා හේතුවෙන් එරට වැසියන් මෙසේ අක්ෂර වින්‍යාසය වැරදීමට ප්‍රධාන හේතුව වී ඇත.

මෙම සමීක්ෂණයට අනුව නවසීලන්ත වැසියන් අතින් වැඩිපුරම අක්ෂර වින්‍යාසය වැරදෙන ස්ථාන නාම අතර Whangamārata, Paraparaumu, Kaikōura සහ ලොව දිගම ස්ථාන නාමය ලෙස සැලකෙන Taumatawhakatangihangakoauauotamateaturipukakapikimaungahoronukupokaiwhenuakitanatahu වැනි ප්‍රදේශ ප්‍රධාන වේ. භාෂාවේ ඇති ස්වර යුගල, දීර්ඝ ස්වර සලකුණු (macrons) සහ නැවත නැවත යෙදෙන අක්ෂර රටා නිසා ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්නන් මෙම මවුරි නාම ලියන විට නිතරම නොමඟ යන බව භාෂාවේදීන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මෙම වැරදීම් ස්දේශීය සංස්කෘතියට කරන නොසලකා හැරීමක් නොව, උච්චාරණය සහ ලේඛනය අතර ඇති වෙනස නිසා සිදුවන්නක් බව අධ්‍යාපනඥයෝ පවසති. දැනට නවසීලන්තයේ පවතින රාජ්‍ය සහ සංචාරක වැඩසටහන් හරහා මෙම මඹෝරි ස්ථාන නාම නිවැරදිව භාවිතා කිරීම සහ ලිවීම ප්‍රචලිත කිරීමට විශාල උත්සාහයක් ගනිමින් සිටින අතර, එය එරට සංස්කෘතික උරුමය සුරැකීමට ද මහත් පිටිවහලක් වී ඇත.

ඔබටත් මේ වගේ නම් පටලැවිලි වෙලා තියනවද? ඒ රසවත් අත්දැකීම් කමෙන්ට් කරමු බලන්න 😃

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *